ඇමෙරිකානු තීරු බදු අනුපාතය අඩු කර ගැනීම ගැන හදවතින්ම සතුටු වෙනවා

ඇමෙරිකානු තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකරගැනීම පිළිබඳව තමා හදවතින්ම සතුටු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ට ස්තූතිවන්ත වන බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා.

“හදවතින්ම සතුටු වෙමි. දැන්වත් ලෝකය සමග අත්වැල් බැඳ ගනිමු.

ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත.

ඒ පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වෙමි.ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි