ඇමරිකාවේ මානසික රෝහලක වෙඩි හුවමාරුවකින් දෙදෙනෙක් මරුට

ඇමරිකාවේ නිව් හැම්ප්ෂයර් ප්‍රදේශයේ මනෝචිකිත්සක රෝහලක ආලින්දයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

රෝහලට අනුයුක්ත ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදු කළ ප්‍රති ප්‍රහාරවලින් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද මරණයට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා, ඝාතනයට ලක්වූ පුද්ගලයා හෝ වෙඩි තැබීමේ අරමුණක් පිළිබඳව පොලිසිය මෙතෙක් අනාවරණ කරගෙන නැහැ.

සිකුරාදා සවස මාධ්‍යවේදීන් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්නල් මාර්ක් හෝල් පැවසුවේ සැකකරු රෝහලේ ආලින්දයට ඇතුළු වී පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි.

අනතුරුව ආරක්ෂක නිලධාරියෙකු සැකකරුට වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

මියගිය වින්දිතයා හඳුනාගෙන නොමැති අතර, වෙඩි තැබූ පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා නිලධාරීන් පරීක්ෂණ සිදු කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

ප්‍රදේශයේ ඇති සැකකටයුතු වාහනයක් මේ වන විට ප්‍රාන්ත පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශනය කරමින් පවතින අතර මහජනතාවට කිසිදු තර්ජනයක් නොමැති බව අවධාරණය කර තිබෙනවා.

නිව් හැම්ප්ෂයර් සෞඛ්‍ය හා මානව සේවා කොමසාරිස් ලෝරි වීවර් අදහස් දක්වමින් කියා සිටියේ රෝහලේ සියලුම රෝගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිත බවත් එහි මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

වෙඩි තැබීම සිදු වූ මනෝචිකිත්සක රෝහලේ ඇඳන් 185ක් පමණ ඇති අතර එම රෝහල, ප්‍රාන්තයේ ප්‍රමුඛතම මනෝචිකිත්සක රෝහල ලෙසටයි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18