ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ උසස් පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පාසල් නිවාඩුවෙන් අනතුරුව පාසල් ආරම්භ කළ අවස්ථාවේ දී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම වැඩි තැබීමෙන් එක් අයෙක් මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ එම පාසලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.
තවත් පස්දෙනෙක් මෙහිදී තුවාල ලබා ඇති බවයි වර්තා වන්නේ.
තුවාල ලැබූ පස්දෙනාගෙන් සිව්දෙනෙක් පාසල් සිසුන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.
මෙම වැඩි තැබීම සිදුකළ 17 හැවිරිදි සිසුවා ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.













