ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා අගමැතිනිය, කතානායක සහ විපක්ෂ නායක හමුවෙයි

මේ දිනවල නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (06) මෙරට ඉහළ පෙළේ දේශපාලඥයින් කිහිප දෙනෙක් හමු වුණා.

ඒ, අනුව සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ, මෙරට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී සාකච්ඡා කළා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, දූෂණ විරෝධී පියවර සහ සාධාරණ ආර්ථික වර්ධනය පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.

මේ අතර සහකාර රාජ්‍ය ලේකම්වරයා අද (06) පාර්ලිමේන්තුවේ කතානායක අශෝක රන්වල හමු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා සහ වගවීම, විනිවිදභාවය සහ සියල්ලන් ඇතුළත් පාලනය පිළිබඳ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජනවරම ඉදිරියට ගෙන යාමේදී පාර්ලිමේන්තුවේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා වූ බව සඳහන්.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අතර හමුවක් ද අද සිදු වුණා.

වර්තමානයේ මෙරට දේශපාලන, සමාජ සහ ආර්ථික කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28