ඇමරිකානු නෞකා ඉලක්ක කාළොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගාදමනවා

හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති ඇමරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය නාළිකාවක් සමඟ පැවැති දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පවසා සිටියේ සාකච්ඡා සඳහා එක්වන ඉරාන නියෝජිතයින් පෙරට වඩා නම්‍යශීලී වී ඇති බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රාවලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, එක්සත් ජනපද හමුදාව විසින් ඉරාන බෝට්ටු කිහිපයක් වෙඩි තබා විනාශ කළ බව ජනාධිපති ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ දක්වා තිබුණා.

කෙසේ වෙතත් මේ වනවිට ඉරානය පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඇමරිකානු හමුදාවේ ඉලක්ක බවට පත්වූ ඉරාන යාත්‍රා හය, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් යාත්‍රා නොවන ඒවා බවයි.

එම යාත්‍රා භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කළ සිවිල් යාත්‍රා බවත්, එම ප්‍රහාරයෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති බවත්,
එම පුද්ගලයින් සිවිල් වැසියන් බවත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර කලාපයේ අමෙරිකානු මෙහෙයුම් මෙහෙයවන මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කර ඇත්තේ, වාණිජ නෞකාවලට තර්ජනයක් වූ ඉරාන කුඩා යාත්‍රා විනාශ කිරීම සඳහා සී හෝක් සහ ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් යාත්‍රා භාවිත කළ බවයි.

ඒ අනුව ඊයේ දිනයේ ඉරාන වේගවත් යාත්‍රා හයක් ඉලක්ක කරගත් බව ඔවුන් පවසනවා.

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන අමෙරිකානු මෙහෙයුම් අතරතුර, වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම යාත්‍රාවලට පහර දී විනාශ කළ බව වොෂින්ටනය සඳහන් කරන්නේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ දී දෙපාර්ශ්වයම අතර ඇති වූ වෙඩි හුවමාරුවත් සමඟ මේ වන විට සටන් විරාමය දැඩි පරීක්ෂාවකට ලක්ව ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා.

  1. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති තුමනි….. ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියාහු මැතිතුමනි… ඔබ සහ ඔබේ බල ඇණි වලට සුභ පැතුම් !!!! ඔබ තුමන්ලා කරන්නේ මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහි අපේ සටනයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14