ඇමරිකානු නාවික සීල් පුහුණු අවසන් කළ පළමු ශ්‍රී ලාංකික රණවිරුවා (ඡායාරූප)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයට අයත් ලුතිනන් කොයාන් චමිත ඇමරිකානු නාවික සීල් පුහුණුව සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබෙනවා.

මෙම හමුදා පුහුණුව සැලකෙන්නේ ලොව දරුණුතම හමුදා පුහුණු වැඩසටහන් වලින් එකක් ලෙසයි.

මාස 14ක කාලයක් පැවති දැඩි පුහුණුවකින් අනතුරුව ලුතිනන් කොයාන් චමිතට කීර්තිමත් සීල් ලාංඡනය පිරිනමා තිබෙනවා.

ලුතිනන් කොයාන් චමිත ගම්පහ බණ්ඩාරණායක විද්‍යායේ ආදි සිසුවෙක් වනවා.

2 3