ඇමති තුන්කට්ටුවක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබෙනවා.

කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බවද ඔහු සඳහන් කළේ.

එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට්තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා විසින් දෙන ලද තීන්දුවක් ද තිබෙන බව ජනධිපතිවරයා සිහිපත් කළේය ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් ජනාධිපති මන්දිරයේදී ඊයේ හමුවූ අතර, එහිදී පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේ.

එමෙන්ම ,ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපය ඇතැම් ඇමතිවරුන් විසින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමද වැරදි බව කී ජනාධිපතිවරයා එමගින් ජනතාව අතරට වැරදි මතයක් යන බව ද ප්‍රකාශ කර සිටියා.

මෙ හැම දෙයකටම වගකිව යුත්තේ එකම නිලධාරියා බවට ජනතාව අතර වැරදි අවබෝධයක් එමගින් ඇති වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22
Video thumbnail
මාලනිය වෙනුවෙන් කඳුලක් වැටුණු කලාකරුවෝ...
01:04
Video thumbnail
දැයෙන් සමුගත් මාලනීට ගෞරව දක්වන්න අගමැති හරිනි එයි - දේහය ළඟ සංවේදී වූ හරිනි
01:24
Video thumbnail
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අවසන් උපහාරය
00:12
Video thumbnail
ඔක්කොම ගිහින් අඩියක් ගහන්න..අර්චුනා ආණ්ඩුවට කට උත්තර නැති කරයි
07:03