ඇමතිගේ ඉල්ලා අස්වීම ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එම තනතුරින් ඉල්ලා අස්වීම ගැන බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.

2009 සිට ගල් අඟුරු සැපයීම් සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව හා පක්ෂපාතිත්වයෙන් තොරව සිදු විය යුතු යැයි විශ්වාස කරන අතර, ඒ සඳහා බලශක්ති අමාත්‍ය තනතුරේ රැදී සිටීම බාධාවක් විය හැකිය යන ස්ථාවරය මත පිහිටා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

2026 අප්‍රේල් 17(අද) දිනැතිව ගරු ජනාධිපතිතුමාට යොමු කර ඇති සිය ඉල්ලා අස්වීමේ ලිපියේ, පරීක්ෂණ අවසන් වී සත්‍යය ජනතාව හමුවේ තහවුරු වන තෙක් මා මෙම තීරණය මත ස්ථාවරව සිටින අතර එම විමර්ශන ප්‍රකාරව ලැබෙන ඕනෑම තීන්දුවක් ඉත සිතින් භාරගන්නා බවත් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් උදෙසා ගරු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙලට නිරන්තරව සහයෝගය දක්වමින් කටයුතු කිරීමට සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කර ඇත.

තව ද ගල් අඟුරු සැපයුම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත් ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලත් හරහා ප්‍රකාශයට පත් වන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තුළ දූෂණයට එරෙහිව සහ ජනවරමට කැප වුණු නිර්භීත අධිෂ්ඨානය බෙහෙවින් අගය කරන බව ද, වංචාව හා දූෂණයට එරෙහිව ලැබූ ජනවරමට අනුව යමින් සුපිළිපන්න ආණ්ඩුකරණයක් වෙනුවෙන් ගනු ලබන ඉහත ක්‍රියාමාර්ග මේ රටේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය බව තමා විශ්වාස කරන බවද, වැසී ඇති සත්‍යය ඉහත විමර්ශන හරහා නිරාවරණය වනු ඇතැයි තමා තදින් විශ්වාස කරන බවද අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත.

තව ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතාද එම ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ගරු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

2009 සිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ භාවිතය සඳහා ගල්අඟුරු සමාගම විසින් සිදු කරන ලද මිලදී ගැනීම් වලදී සිදු වී ඇති අක්‍රමිකතාවයන් පිළිබඳව වන ඉදිරි විමර්ශන වලට අවහිරයක් නොවීම සහ විමර්ශන වල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා පහසුකම් සැලසෙන පරිදි අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වන බව මහාචාර්ය උදයංග හේමපාල සිය ඉල්ලා අස් වීමේ ලිපියේ සඳහන් කර ඇත.

2026.04.17 (අද) දිනැතිව යොමු කරන ලද එම ලිපියේ තමා පිළිබඳව තබන ලද විශ්වාසයට සහ රාජකාරි කිරීමේදී ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වන බව ද ප්‍රකාශ කර ඇත.

  1. $ 286ට බොරතෙල් අරන් සාක්කිත් එක්ක ඔප්පු උනාට පස්සේ පිරිසිදු සංස්කෘතියලු. උඹේ පුංචි අම්මට…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32