ඇප මත සිටින කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නියෝග

ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.

අල්ලස් කොමිසම මෝසමක් මාර්ගයෙන් එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතාට පෙරේදා ඇප නියම කෙරුණා.

කෙසේ නමුත් ඔහු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත්, ඒ හේතුවෙන් කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46