ඇන්ජි සහ දසුන්ගේ ගිනිකෙළි සංදර්ශනයෙන් ෆැල්කන්ස් පිළට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන අදියර අරඹමින් පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (01) පැවැත් වුණා.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සස් කණ්ඩායම අතර පැවති මෙම තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමට හැකියාව ලැබුණා.

දඹුල්ල සික්සස් කණ්ඩායම පරාජය කරමින් කැන්ඩි කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළේ කඩුලු 06කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ කැන්ඩි ෆැල්කන්ස් නායක වනිඳු හසරංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල සික්සස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04 දැවී 179ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

පන්දුවාර පහක් අවසානයේ මුල්පෙළ කඩුලු 04ක් දැවී ඉතා අසීරු තත්ත්වයක සිටි දඹුල්ල සික්සස් ඉනිම සවිමත් කරන්නට නවසීලන්ත ක්‍රීඩක මාර්ක් චැප්මන් සමඟ පිටියේ එක් වූ 21 හැවිරිදි ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහට හැකියාව ලැබුණා.

එහිදී මාර්ක් චැප්මන් වේගවත් ලකුණු 91ක් පන්දු 61ක් තුළ රැස්කළ අතර, චමිඳු වික්‍රමසිංහ පන්දු 42කට මුහුණ දෙමින් ලකුණු 62ක් රැස්කරමින් දඹුල්ල සික්සස් ඉනිම ගොඩනැඟීමේ ප්‍රධාන දායකයින් දෙදෙනා වුණා.

පන්දු යැවීමේ දී අගනා පන්දු යැවීමක නිරත වූ දසුන් ශානක සිය පන්දුවාර 04 අවසන් කළේ ලකුණු විස්සකට කඩුලු 04ක් බිඳ දමමින්.

අනතුරුව ලකුණු 180ක දැවැන්ත ඉලක්කය හඹා යෑමට කැන්ඩි ෆැල්කන්ස් ආරම්භක පිතිකරුවන් යුගළය පිටියට පිවිසි අතර එහිදී ෆැල්කන්ස් ඉනිමේ පළමු පන්දුවාරයේදීම ඇන්ඩරි ෆ්ලෙචර් දවා ගන්නට නුවන් තුෂාරට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් අනෙත් අන්තයේ සිට ෆැල්කන්ස් පිළිතුරු ඉනිම ගොඩනැඟීම ආරම්භ කළ දිනේෂ් චන්දිමාල් පන්දු 40ක් තුළ ලකුණු 65ක් රැස්කරමින් ජයග්‍රහණයේ මාවත සකසා දුන්නා.

චන්දිමාල් සමඟ එක්ව ෆැල්කන්ස් ඉනිම ගොඩනැඟීමට කමිඳු මෙන්ඩිස් ලකුණු 27ක දායකත්වයක් ලබාදුන් අතර, අනතුරුව පිටියේ එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක පල්ලෙකැලේ පිටියේ ගිනිකෙළි සංදර්ශනයක් පැවැත් වූයේ දඹුල්ල සික්සස් පන්දු රකින්නන් නරඹන්නන් බවට පත් කරමින්.

එහිදී මැතිව්ස් පන්දු 20ක් තුළ ලකුණු 37ක් රැස්කළ අතර, ඔහුට නොදෙවැනි ඉනිමක් දියත් කළ දසුන් ශානක පන්දු 15ක් තුළ වේගවත් ලකුණු 46ක් රැස් කළා.

දසුන්ගේ මෙම වේගවත් ඉනිමට දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 03ක් ඇතුළත්.

ඒ,අනුව පන්දුවාර 17යි පන්දු 02ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් කැන්ඩි ක්‍රීඩකයින් මෙම තරගය ජයග්‍රහණය කළා.

පිත්තෙන් සහ පන්දුවෙන් එකලෙස දස්කම් පෑ දසුන් ශානක තරගයේ වීරයා බවට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33