ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් මැතිව්ස් සිය එක්ස් ගිණුමට විශේෂ ලිපියක් එක්කර තිබුණා.

බංග්ලාදේශ කණ්ඩායම සමඟ එළඹෙන ජුනි මාසයේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් පසු තමන් රතු පන්දුවට සමුදෙන බවයි ඔහු පවසන්නේ.

වසර 17ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැඳී සිටි මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 118ක් ක්‍රීඩාකර තිබෙනවා.

එහිදී මැතිව්ස් ටෙස්ට් ලකුණු 8167ක් රැස්කරගෙන ඇති අතර, ටෙස්ට් පිටියේ කඩුලු 33ක් දවාගෙන තිබෙනවා.

01