ඇත් දළයෙන් නිර්මාණය කළ කරඬුවක් සහ පිරිත් හුයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ගනේවල්පොල බමුණුගම ප්‍රදේශයේදී ඇත් දළයෙන් නිර්මාණය කළ කරඬුවක් සහ පිරිත් හුයක් විකිණීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ගැනුම්කරුවන් ලෙසට උපාය දූතයන් යොදවා වැටලීම සිදුකර ඇත්තේ ඊයේ (20) පස්වරුවේයි. සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සැකකරුවන් මෙම උපකරණ විකිණීමට සූදානම් කර තිබුණි. වනජීවී නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති අතර ගනුදෙනුව සිදු කිරීමට භාණ්ඩ ද රැගෙන සැකකරුවන් බමුණුගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

සැකකරුවන් ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබී ඇත් දළයෙන් නිමවා කැටයම් කරන ලද අඟල් දෙක හමාරක් පමණ උසැති කරඬුවක් සහ අඟල් 6ක් පමණ දිගැති පිරිත් හුයක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. ඔවුන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?