spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇණහිට ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට විශේෂ කමිටුවක්

විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක වැඩ ආරම්භකර අවසාන අදියරේ පවතින අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කමිටුවක් පත්කර ඇති බවයි.

මේ වන විට සංවර්ධනය ඇණහිට තිබෙන අනුරාධපුර ප්‍රධාන නව බස් නැවතුම්පළ නැවත සංවර්ධනය කිරීම පිළිබඳව සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් පසු ශ්‍රී ලංකාව බංකොලොත්භාවය මිදීමෙන් අනතුරුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී තිරසාර භාවයක් ඇතිකිරීමට හැකි ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, අතීතයේ සිදු වූ වැරදි නැවත ඇති නොවීමටත් අවශ්‍ය පියවර ගන්නා බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?