ආහාර හිඟයක් එයිද ? කෘෂිකර්ම ඇමතිගෙන් පිලිතුරු

දිවයින පුරා සේවයේ නියුතු කෘෂිකර්ම නිලධාරින් ගෙන් ලැබෙන තොරතුරු අනුව මහ කන්නයේ වී අස්වැන්න අඩු වන්නේ 25%ක් හෝ 30% කින් බැවින් රටතුල ආහාර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටිනවා.

එළවළු හා අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරිම සඳහා අවසර දී ඇති බැවින් එම පොහොර තොග ජනවාරියේ ලැබෙන නිසා එළවළු හා අනෙකුත් බෝගවල හිඟයක්ද ඇති වීමට ඉඩක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

” දිවයින පුරා සේවය කරන කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරු හා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් ගේ සහභාගිත්වයෙන් අද කොළඹ පැවති වැඩ මුළුවේදී දිවයින පුරා මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ඉඩම් පිලිබඳ තොරතුරු ලබා ගත්තා.

ඔවුන් සඳහන් කරන්නේ සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම් 90%ක් හෝ 30%ක් වගා කර ඇති බවයි.

එමෙන්ම අස්වැන්න අඩු වීමක් ඇති වුනොත් ඒ ප්‍රමාණය 30%කට වැඩි නොවන බවද ඔවුන් පෙන්වා දුන්නා. මේ අනුව මහ කන්නයේ අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්ට්‍රික් ටොන් 3.5ක් විතර ලැබෙන්න ඕන.

ඒ අනුව රටතුල ආහාර හිඟයක් ඇතිවීමටඉඩක් නොමැති බැවින් ඇතැම් පිරිස් ආහාර හිඟයක් ඇති වන බවට පල කරන අදහස් පිළිගත නොහැකි යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32