ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකරයි

ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකිරීමට තීරණය කර තිබේ. මෙම නව මිල සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක වනවා.අද සිට මෙම මිල පහළ දැමීම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් ලබාගත හැකි

රු.1500ට පැවති හාල්මැස්සන් 1kg මිල රුපියල් 50කින් ද අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1450කි.

රු.315 ට පැවති කඩල පරිප්පු 1kg මිල රුපියල් 30කින් ද අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 285කි.

රු.275 ට පැවති සුදු සීනි 1kg මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 260කි.

රු.550 ට පැවති සුදු ලූණු 1kg මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 490කි.

රු.375 ට පැවති පාන්පිටි 1kg මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 320කි.

ආනයනික සුදු කැකුළු සහල් කිලෝ එකක මිල රුපියල් 5 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 169කි.