ආසියාවේ ශූරයින් ලෙස භාරත දේශය කිරුළු පළඳියි

2023 ආසියානු ශූරයින් බවට පත්වීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අද (17) හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකාව සමඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමඟයි.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව ආසියානු ශූරතාවයට 08 වන වරටත් හිමිකම් කියන්නට සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එම තීරණයට දරුණු පහරක් එල්ල කළ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 06ක් ලකුණු 21ක් තුළ බිඳ දැමුවා.

ඔහුට අනෙගි සහයක් ලබාදුන් හර්දික් පාණ්ඩ්‍යා ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 15යි පන්දු 02ක් තුළ ලකුණු 50කට සීමා වූ අතර, 2023 ආසියානු කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය පිළට ලකුණු 51ක ඉතා පහසු ඉලක්කයක් හිමි වුණා.

මේ අතර ශ්‍රී ලංකා ඉනිම වාර්තා අතරට එක් වුණේ ජාත්‍යනතර එක්දින තරගයක කණ්ඩායමක් දැවී ගිය 10 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ලකුණු 51ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ආරම්භ පිතිකරු යුගළය එම ඉලක්කය පන්දුවාර 06යි පන්දු 01ක් තුළ පසුකර යමින් ආසියානු කුසලානය ඉන්දියාව හිමිකර දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?