ආසියාවේ පළමු Uber ජල ප්‍රවාහන බෝට්ටු සේවය ඇරඹෙයි

ආසියාවේ පළමු Uber Shikara ජල ප්‍රවාහන බෝට්ටු සේවාව ඊයේ (02) ආරම්භ වුණා.

ඒ අසල්වාසී ඉන්දියාවේ ශ්‍රී නගර් හි දියි.

ශ්‍රී නගර් හි ප්‍රසිද්ධියක් උසුලන ඩල්වැව මත මෙම සේවාව ක්‍රියාත්මක කර තිබෙනවා.

මධුසමය ගත කරන්නන් සහ සංචාරකයින්ගේ ආකර්ෂණය උදෙසා මෙම ජල ප්‍රවාහන බෝට්ටු සේවය ක්‍රියාත්මකයි.

එහි පළමු ජල ප්‍රවාහන බෝට්ටු සේවය ඊයේ Uber Shikara නමින් එළිදැක්වුණා.

නිලධාරියෙකු පැවසුවේ සෑම Uber Shikara සවාරියක්ම පැයක කාලයක් සඳහා වෙන් කරවා ගත හැකි බවයි.

එක් බෝට්ටුවක මගීන් සිව්දෙනෙකුට පමණ ඉඩ සැලසෙනවා.

Uber Shikara සවාරි පැය 12කට පෙර හෝ දින 15කට පෙර වෙන් කරවා ගත හැකියි.

‘ශිකාරා’ යනු වර්ණවත් උඩු මහලකින් සරසා ඇති කුඩා බෝට්ටුවක්.

මෙම බෝට්ටු 1970 දශකයේ බොලිවුඩ් චිත්‍රපටවලින් පසුව ජනප්‍රියත්වයට පත් වුණා.

එනම් ෂාමි කපූර්ගේ ‘කාශ්මීර් කි කාලි’ සහ ශෂී කපූර්ගේ ‘ජබ් ජබ් ෆූල් ඛීලේ’ වැනි චිත්‍රපට ශිකාරා මත රූගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?