ආසියානු සංවර්ධන බැංකු ප්‍රධානියෙක් විපක්ෂ නායක හමුවෙයි

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඊයේ (09) මෙම හමුව සිදු වූයේ විපක්ෂ නායක කාර්යාලයේදී යි.

විපක්ෂ නායකවරයා මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර ශ්‍රී ලංකාව ගොඩනැංවීමට සහාය ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණු දී ඇති ආරථික තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර රටේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසටයි එහිදී විපක්ෂ නායකවරයා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළේ.

එම නියෝජිත පිරිස විපක්ෂ නායකවරයා සමග ප්‍රකාශ කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවයි.