ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි !

ලබන අගෝස්තු අග මෙරටදී ආරම්භවීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා.

තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මේ තහවුරු කළා.

එය ප්‍රකාශ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙනු ඇත, මන්ද වර්ෂාව ඇති නොවන එකම ස්ථානය එයයි” යනුවෙන්.

ලබන 27 වනදා සිට සැප්තැම්බර් මස 11 වනදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට මේ වනවිට රටතුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ සත්කාරකත්වය ලබාදීමට අසීරු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමේදී දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46