spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි !

ලබන අගෝස්තු අග මෙරටදී ආරම්භවීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා.

තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මේ තහවුරු කළා.

එය ප්‍රකාශ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙනු ඇත, මන්ද වර්ෂාව ඇති නොවන එකම ස්ථානය එයයි” යනුවෙන්.

ලබන 27 වනදා සිට සැප්තැම්බර් මස 11 වනදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට මේ වනවිට රටතුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ සත්කාරකත්වය ලබාදීමට අසීරු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමේදී දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?