ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව තරග වදින B කාණ්ඩයේ තියුණු තරගයක් – හෙට තරගය තීරණාත්මකයි

ආසියානු කුසලාන පන්දුවාර 20-20 තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින B කාණ්ඩයේ තරගකාරීත්වය මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඇෆ්ගනිස්ථානය සමඟ ඊයේ (16) පැවති තරගය ජයගත් බංග්ලාදේශය තරගාවලියට යළි අවතීරණවීමත් සමඟයි.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින අතර, ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 04ක් එහිදී හිමිව තිබෙනවා.

බංග්ලාදේශය ද ප්‍රසාද ලකුණු 04ක් ලබාගෙන දෙවන තැන පසුවන අතර, ඔවුන්ට මූලික වටයේ තිබූ තරග තුනම ක්‍රීඩා කර අවසන්.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ ඇෆ්ගනිස්ථානය පසුවන්නේ ප්‍රසාද ලකුණු 02ක් ලබාගෙනයි.

හොංකොං කණ්ඩායම එහි සිව්වන සහ අවසන් ස්ථානයේ පසුවන්නේ ඔවුන් සහභාගී වූ තරග තුනම පරාජයට පත්වීම හේතුවෙන්.

මේ අතර B කාණ්ඩයේ මූලික වටයේ තවත් එක තරගයක් පමණක් ඉතිරිව ඇති අතර, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත මෙම තරගය මේ වනවිට තීරණාත්මක තරගයක් වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයට සහ බන්ග්ලාදේශයට මෙම තරගයේ අවසන් ප්‍රතිඵලය තීරණාත්මක වී ඇති අතර, හෙට (18) පැවැත්වෙන මෙම තරගය ඇෆ්ගනිස්ථාන ජයගත හොත් අර්ධ අවසන් පූර්ව වටයට ඔවුන් ශ්‍රී ලංකාව සමඟ B කාණ්ඩයෙන් සුදුකම් ලබනවා.

ඒ, ඇෆ්ගනිස්ථාන මේ වන්විටත් බංග්ලාදේශයට වඩා ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.

යම් හෙයකින් ඇෆ්ගනිස්ථාන මෙම තරගය පරාජයට පත් වුවහොත් බංග්ලාදේශයට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ දොරටුව විවර වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට ද හෙට පැවැත්වෙන මෙම තරගයේ ජයග්‍රහණය ද වැදගත් වනවා.

ඒ, මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ රැඳී සිටින ස්ථානය අවසන් පූර්ව වටයට පිවිසීමේ දී වැදගත් වීම හේතුවෙන්.

හෙට පැවැත්වෙන තරගය ඇෆ්ගනිස්ථාන ජයගත හොත් ඔවුන් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන අතර, ශ්‍රී ලංකාවට එහි දෙවැනි තැනට පත්වීමට සිදුවනවා.

ඇෆ්ගනිස්ථානය මේ වනවිට එහි තුන්වන තැන රැඳී සිටිය ද ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ඉහළ දළ ලකුණු වේගයක් රඳවාගෙන සිටීම හේතුවෙන් හෙට තරගය ඔවුන් ජය ගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට අවස්ථාව ඇෆ්ගනිස්ථානයට හිමි වනවා.

ඒ, අනුවයි B කාණ්ඩයේ තියුණු තරගයක් මේ වනවිට නිර්මාණය වී ඇත්තේ.

මේ අතර මෙවර ආසියානු කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට A සහ B කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් හතරක් තෝරාගනු ලබනවා.

එහිදී එක් කණ්ඩායමක් අර්ධ අවසන් පූර්ව වටය තුළ තරග තුනක් ක්‍රීඩා කළ යුතු අතර, අර්ධ අවසන් පූර්ව වටටේ තරග හයක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52