ආවා කල්ලියේ නායකයා කැනඩාවේ දී අත්අඩංගුවට

උතුරු පළාතේ ක්‍රියාත්මක අපරාධ කල්ලියක්වන ‘ආවා’ කල්ලියේ නායකයා බවට විශ්වාස කරන පුද්ගලයෙක් පසුගිය දා ටොරොන්ටෝහි දී අත්අඩංගුවට ගත් බව කැනඩා මාධ්‍ය වාර්තා කරනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු මිනීමැරුම් චෝදනාවලට මුහුණ දීම සඳහා ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නැමති මෙම සැකකරු ප්‍රංශයට පිටුවහල් කිරීමට නියමිත බවයි එරට මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

2022 සැප්තැම්බර් මාසයේදී ප්‍රංශයේදී අභිරාමන් බාලකිරිෂ්ණන් නැමති පුද්ගලයෙක් සමූහ ඝාතනය කර තවත් පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නැමති මෙම සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ, අනුව මොහුව පිටුවහල් කිරීම ඉල්ලා සිටින බව කැනඩාවේ අධිකරණ දෙපාර්තමේන්තුව පසුගිය බදාදා බදාදා තහවුරු කර කළා.

32 හැවිරිදි මෙම සැකකරු 2021 වසරෙන් පසු ශ්‍රී ලංකාවෙන් පැන ගොස් ඇමරිකාව, ප්‍රංශය යන රටවල සිට කැනඩාවට පැමිණ සිටිය දී මෙලෙස කැනේඩියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

2022 වසරේ දී අභිරාමන් බාලකිරිෂ්ණන් ඝාතනය සිදුවන අවස්ථාව වන විටත් මෙරට සිදුකළ මනුෂ්‍ය ඝාතන සහ අපරාධ කිහිපයකට අජන්තන් සුබ්‍රමනියම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01