ආරූඪ බලය පෙන්වා නිවෙස් කොල්ලකෑ කපුවාට වැඩ වරදියි (වීඩියෝ)

ආරූඪයෙන් නිවාසවල දෝෂ ඉවත් කරන බව පවසා නිවෙස් හිමියන් රවටා රත්තරන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ කපුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම කපුවා ලෙසින් පෙනී සිටි සැකකරු හොරණ ප්‍රදේශයේ නිවසකට පැමිණ එම නිවසේ ද සියලු වටිනා භාණ්ඩ කොල්ලකා ගොස් ඇති බවයි.

අදාළ නිවසේ ගෙහිමියන් හොරණ පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණවලින් හෙළි ව ඇත්තේ සැකකරු දිවයිනේ බොහෝ නිවෙස්වලින් මේ ආකාරයේ කොල්ලකෑම් සහ සොරකම් කිරීම් සිදු කර ඇති බවයි.

53 හැවිරිදි වියෙහි පසුවන සැකකාර කපුවා නිවාසවලට පැමිණ එම නිවාසවල භූත දෝෂ සහ වෙනත් දෝෂ පවතින බවට නිවැසියන්ට පවසා වහාම ශාන්ති කර්මයක් සිදුකළ යුතු බවට සඳහන් කරන බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඔවුන්ට සඳහන් කරන්නේ; මෙම නිවසට අරක් ගෙන සිටින මියගිය ඥාතියෙකු ඊට අරක් ගෙන සිටින බවත්; නුදුරු දිනකින් නිවසේ ඉඩමෙන් නිධානයක් මතු වන බවයි.

එම ශාන්ති කර්මය සඳහා එම පුද්ගලයා අදාළ නිවසේ කාමරයක් තෝරා ගෙන එහි සාදාගත් විශේෂ කුටියක පුද පූජා පවත්වමින් දින දෙක තුනක් එම නිවසේ රැඳී සිටින බවත් වාර්තා වනවා.

ඉන්පසුව ඔහු පිළිබඳ ව විශ්වාසයක් නිවැසියන්ට ලැබුණු පසු ඔහු ප්‍රකාශ කර ඇත්තේ; නිවස සතු සියලුම රත්තරන් භාණ්ඩ සහ මුදල් විශේෂ කුටියේ තැන්පත් කරන ලෙසයි.

මුදල් සහ රත්රන් භාණ්ඩ එම කුටියට දැමීමෙන් පසුව ඔහු එම කුටිය පරීක්ෂා නොකරන ලෙසට නිවෙස් හිමියන්ට ප්‍රකාශ කරන බවත් වාර්තා වනවා.

පසුව එම නිවසට වාර කිහිපයක දී පැමිණෙන මෙම පුද්ගලයා එම කුටියට දමන ලද මුදල් සහ රත්තරන් භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇති අතර මාස තුනක් ගතවීමට ආසන්න වීමේ දී මෙම කපුවා විසින් එම කුටියට ව්‍යාජ ලෙස සැකසූ නොවටිනා පිත්තල භාණ්ඩ සහ තවත් උපකරණ ඉතා සූක්ෂ්ම ලෙස කුටියට දමා නිවැසියන්ට පවසා ඇත්තේ; මේ නිධානයෙන් ලැබුණු වටිනා උපකරණ බවයි.

හොරණ – හල්තොට ප්‍රදේශයේ පදිංචි එක්තරා පවුලකට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතී තමන්ගේ මුදල් අස්ථානගත වී ඇති බවට අනාවරණය වූ බැවින්, ඔවුන් මේ පිළිබඳ කළුතර අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබෙනවා.

ඉන් පසුවයි අදාළ සැකකරුව ගාල්ල – බද්දේගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි ව ඇත්තේ තමන් මෙවැනි ම ජාවාරම් ගාල්ල, මාතර සහ මහරගම යන ප්‍රදේශවල නිවෙස් කිහිපයක දී ද සිදු කළ බවත්; ඒවායෙන් සොරකම් කළ ලක්ෂ 80කට අධික වටිනාකමින් යුත් රත්තරන් බඩු ආදිය දිවයිනේ උකස් මධ්‍යස්ථාන වෙත තබා මුදල් ගෙන ඇති බවයි.

පසුව එම මුදල් යොදවා සිය නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, යතුරුපැදියක්, ශීතකරණ දෙකක්, රෙදි සෝදන යන්ත්‍රයක් සහ ඥාතීන්ට අවශ්‍ය විදුලි උපකරණ ද රැගෙන දුන් බව ද සැකකරු පවසා තිබෙනවා.

සැකකරු අද (18) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56