ආර්ථික කොමිසමක් පත්කරන බව ජනපති කියයි

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකිවන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබාගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමඟින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද පෙන්වා දුන්නා.

මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කර එක් ආයතනයක් මඟින් ආයෝජන සඳහා අනුමැතිය ලබාදීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ඉදිරි සති දෙක තුනක කාලය තුළ එහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“අද මෙම ස්ථානයට පැමිණි විට තවත් කුරුලු උද්‍යානයක් මට සිහිපත් වුණා. හය වන පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ දී මෙලෙසින් සකස් කර තිබූ කුරුලු උද්‍යානයක් තිබු බව ඉතිහාසයේ සදහන් වෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එම කුරුලු දූපතේ අද වන විට පාර්ලිමේන්තුව ස්ථාපිත කර තිබෙනවා.
මෙම කුරුලු උද්‍යානය ඉදිකිරීමේ දී වසර 20ක කාලයක් විඳි දුක පිළිබඳ කෝට්ටේගොඩ මහතා සඳහන් කළා. කෙසේ හෝ කෝට්ටේගොඩ මහතා අද මෙම ජාත්‍යන්තර කුරුලු උද්‍යානය රටට දායාද කර තිබෙනවා. එතුමා ප්‍රකාශ කළා සිංගප්පූරුවේ ජුරෝන් බ්ර්ඩ් කුරුලු උයන ආදර්ශයට ගෙන මෙම ජාත්‍යන්තර කුරුලු උයන නිර්මාණය කළා කියලා. මේ සමඟ මහනුවර පුරවරයේ සංචාරක වටිනාකම තවත් වැඩි වී තිබෙනවා.
සිංගප්පූරුවේ ජුරෝන් නගරය ආයෝජන කලාපයක් වශයෙන් තමයි දියුණු කළේ. ශ්‍රී ලංකාව නව ආර්ථික ගමනක් සමඟින් ඉදිරියට යාමට නම් ආයෝජන අවස්ථා වැඩි කළ යුතුයි. ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අනුමැතිය ලබා ගැනීමට වසර 10ක කාලයක් ගතවෙනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.
නව ආර්ථික සැලැස්මක් යටතේ නිෂ්පාදනය, අපනයන ආර්ථිකය සහ තාක්ෂණික අංශ දියුණු කළ යුතුයි. ඒ සඳහා දෙස් විදෙස් ආයෝජනවලට වැඩි අවස්ථාවක් ලබාදිය යුතුයි. ආයෝජකයෙක් ලංකාවට පැමිණ ආයෝජන ආරම්භ කරන්න වසර 10ක කාලයක් ගත වෙනවා නම් එයින් ආර්ථිකයට ඵලදායි වාසියක් ලැබෙන්නේ නැහැ.
ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා මහ කොළඹ ආර්ථික සැලැස්ම මාස තුනක් වගේ කෙටි කාලෙකින් සම්මත කරලා ආරම්භ කළ නිසා එහි ආර්ථික වාසිය ලංකාවට ලැබුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහනට සති තුනෙන් අනුමැතිය ලැබුණා. ඒ ආකාරයට ආයෝජන අවස්ථා වැඩි කළේ නැතිනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නැහැ. ආයෝජන මණ්ඩලය හා අපනයන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කරලා එක් ආයතනයක් මඟින් ආයෝජන සඳහා අනුමැතිය ලබාදීමේ වැඩ පිළිවෙළකට යොමු විය යුතුයි.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට දිලුම් අමුණුගම ඇමතිවරයාට පවරා තිබෙනවා. ඉදිරි සති දෙක තුනක කාලය ඇතුළත එහි වාර්තාව ලැබීමට නියමිතයි. ඒ අනුව එය ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
එසේම අපේ රටේ සංචාරක කර්මාන්තයට වටිනාකමක් ලබා දෙමින් මෙම කුරුලු උයන ජාතියට දායාද කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා”

හන්තානේ තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටා ඇති අක්කර 27 ක භූමි භාගයකින් යුත් මෙම ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය සංක්‍රමණික පක්ෂීන් විශේෂ සියයකට අධික සංඛ්‍යාවකට නිවහනක් වී තිබෙනවා.

රුපියල් මිලියන 490ක වියදමින් ස්ථාපිත කර ඇති මෙම කුරුලු උද්‍යානයේ විශාල කූඩුවල විදේශීය පක්ෂීන් ගාල් කර ඇති අතර ඔවුන් රැක බලා ගැනීම සඳහා සියයකට ආසන්න සේවක පිරිසක් සේවය කරනු ලබනවා.

වසර 40ක කාලයක් පුරා සිදු කළ “ශ්‍රී ලංකාවට ආවේණික නොවන පක්ෂීන් පිළිබඳ අධ්‍යයනයක්” පදනම් කරගෙන මෙම උද්‍යානය ස්ථාපිත කර ඇති අතර විදේශීය පක්ෂීන් රැසක් මෙරට අභිජනනය කළ හැකි වීමද විශේෂත්වයක්.

මෙහි පළමු අදියර යටතේ දෙස් විදෙස් සංචාරකයන්ට සංක්‍රමණික පක්ෂීන් නැරඹීමට පහසුකම්, සත්ව විද්‍යා සිසුන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක්, කුරුළු අනාථාගාරයක්, කුරුලු නිවහනක්. සහ නිරෝධායන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48