ආර්ථික කමිටුවට අලුත් මන්ත්‍රීවරු 10ක්

ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කාරක සභාවේ සේවය කිරීම සඳහා තවත් මන්ත්‍රීවරු 10 දෙනෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පත්කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, එස් එම් චන්ද්‍රසේන, තාරක බාලසූරිය, සීබී රත්නායක, ධම්මික පෙරේරා ආර්ථික ස්ථායිකරණ කමිටුවට ඇතුළත්.

මීට අමතරව වෛද්‍ය ගයාශාන් නවනන්දන, අකිල එල්ලාවල සහ එම් රාමේෂ්වරන් එම මන්ත්‍රීවරුන්ද එම කාරක සභාවට තෝරාපත්කර තිබෙනවා.