ආර්ථික අමාරුකම් නිසා දෙදරු පියෙක් කෝච්චියට පනී (ඡායාරූප)

දෙදරු පියෙක් දුම්රියට පැන සියදිවි හානිකර ගැනීමේ පුවතක් නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ නිට්ටඹුව, පින්නගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඊයේ (22) පෙරවරුවේ ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථානයන් අතර දී දුම්රියට පැන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු විසින් ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට මෙන්ම මිතුරන්ට ද ලියා තැබූ ලිපියක් ද ඔහුගේ මුදල් පසුම්බියේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ජීවත් වූ නිවස සින්නවීමත්, අධික ණය බරත් සමඟ පැවති ආර්ථික ගැටළු හේතුවෙන් මෙම පුද්ගලයා මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි හමුවූ ලිපිය කියවා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ.

එම ලිපියේ සඳහන් වන්නේ මෙවැන්නක්,

“ඔයා මාත් එක්ක අවුරුදු දාහතක් ම හැම දුක සැපක්ම විඳදරා ගත්ත ගැහැණියක්.ඒ දරා ගැනීම ගැන මම අදටත් පුදුම වෙනවා. ඔයාට මේකත් ඒ වගේම දරාගන්න පුළුවන් වෙයි. සමාවෙන්න මේ මගේ ගොං මෝඩ තීරණයට මට තවත් ඉවසන්න බැහැ. මං දන්න එකම දෙයක් තියෙනවා.ඒ මං ඔයාට ගොඩක් ආදරෙයි.” යනුවෙන් මියගිය පුද්ගලයා ඔහුගේ බිරිඳට එම ලිපියේ ලියා තිබුණා.

“ආදරණීය සෙසදි, ඔයාට ගොඩක් බැන්නට මං ඔයාට ගොඩක් ආදරෙයි. අම්මවයි මල්ලිවයි බලාගන්න .හොඳට ඉගෙන ගන්න අම්මට කවදාවත් බොරුවක් කරන්න එපා. එයාට තවත් දරාගන්න හයියක් නෑ. මට වෛරකරන්න එපා කියලා කියන්න බෑ. ඒත් පුළුවන් නම් මට සමාවෙන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46