ආර්ජින්ටිනා – බ්‍රසීල පාපන්දු තරගයක් අතරතුර ගැටුමක්

පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවැත්වූ තරගයක දී, තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂක දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

මෙම තරගය පෙරේදා දිනයේ දී පැවැත්වුණු අතර; තරගය පැවැත්වුණේ බ්‍රසීලය සහ ආර්ජින්ටිනාව අතරයි.

තරගය බ්‍රසීලයේ මරකානා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

බ්‍රසීලය පරදවමින් ආර්ජින්ටිනාව ගෝල 1-0ක් ලෙස මෙම තරගය ජයගත්ත ද, එම රාත්‍රිය ප්‍රචණ්ඩත්වයෙන් සහ ඉතාමත් අවුල්සහගත රාත්‍රියක් බවයි ක්‍රීඩා විචාරකයින් පැවසුවේ.

බ්‍රසීලය සිය රටේ දී පළමු පරාජය විදෙස් රටක් ඉදිරියේ දී ලැබුවේ ද ආර්ජින්ටිනාවට එරෙහිවයි.

මෙම තරගය ආරම්භයට ජාතික ගීය ගායනා කිරීමට පෙර එකවරම ප්‍රේක්ෂ්කගාරයේ දෙපාර්ශ්වයක් අතර ගුටි කෙළියක් හටගැනීමත් සමග එය සමථයකට පත් කරගන්නා ලෙසටයි බ්‍රසීල හා ආර්ජින්ටිනා ක්‍රීඩකයින් ප්‍රේක්ෂකාගාරයෙන් ඉල්ලා සිටියේ.

නමුත් එම උත්සාහය ව්‍යාර්ථ වූ අතර, කමීස ඉරාගනිමින්, ක්‍රීඩාගාරයේ අසුන් ගලවා ආරක්ෂක අංශ වෙත ද විසි කරමිනුයි මෙම ගැටුම ඇති වූයේ.

බ්‍රසීල පොලිසිය විසින් ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ කළ ද; ආර්ජින්ටිනා ආධාරකරුවෝ ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රියාකලාපය ආර්ජින්ටිනාවේ නායක ලියොනල් මෙසී දැඩි කෝපයට පත් කරන ලද්දක් බව ද වාර්තා වනවා.

බ්‍රසීල ආරක්ෂක අංශ ගැටුම්කරුවන්ට බැටන් පොලුවලින් පහරදීමට සූදානම් වීමේ දී ආර්ජින්ටිනා ගෝල රකින්නා වන Emi Martinez ඊට මැදිහත් වී, ආධාරකවරුන්ට පහර නොදෙන ලෙසට කරන ඉල්ලීමක් මෙන් අයුරු දැකිය හැකි වීඩියෝවක් පළ වී තිබෙනවා.

ඒ එමී විසින් පොලිස් නිලධාරියාගේ අතින් අල්ලා පසෙකට ඇදීමත් සමගින්.

තරගය පැය භාගයක කාලයක් ප්‍රමාද වී යළි ආරම්භ වී තිබෙන අතර, ගැටුම්කරුවන් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32