ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන්

දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ රැස් වුණා.

මින් පෙර පැවති සාකච්ඡාවල ප්‍රගතිය විමසීම මෙහිදි සිදු කෙරුණු අතර, උතුරේ ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් යොමු කරන ලද බොහෝ ගැටලුවලට සාධනීය විසදුම් ලබා දීමට පියවර ගෙන තිබෙන බව එහිදී සඳහන් කෙරුණා.

එමෙන්ම මෙම කටයුතු සිදුකරගෙන යාමේදි තවදුරටත් පවතින බාධා සහ ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.

ත්‍රිකුණාමලය, මනෛයාවෙලි ප්‍රදේශයේ පවතින ‘සැන්ඩි බේ’ වෙරළ තීරය මහජනතාවට බාධාවකින් තොරව භාවිත කිරීමට අවස්ථාව ලබා දීම සහ ධීවර ගැටලුවලට විසඳුම් ලබා දීමට අදාළව ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ඔලුවිල් වරාය ආශ්‍රිත ඉඩම් ඛාදනයට ලක් වීමේ ගැටලුව පිළිබඳවද විශේෂ අවධානය ‍යොමු කෙරුණු අතර, ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳව NARA ආයතනයේ සහාය ලබා ගනිමින් නව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම සහ හෙලිකොප්ටර් සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ලක් වුණා.

අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39