ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ තනතුරට බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් පත්කර තිබෙනවා.

ඒ, අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය 22 වනදා එම ධුරයේ නිල වශයෙන් සිය රාජකාරී භාර ගත්තා.

මීට පෙර එම ධුරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් එම තනතුරට පත්කරනු ලැබුවා.

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ කීර්තිමත් නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් සිය වෘත්තීය නිපුණත්වය, කැපී පෙනෙන නායකත්ව ගුණාංග සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කැපවී ක්‍රියා කිරීම තුලින් දශක තුනකට අධික ආදර්ශමත් සේවාවක් සිදුකළ කීර්තිමත් යුද්ධ හමුදා නිලධාරියෙක්.