ආරක්ෂක අංශ වලට ඉඩම් ලබා දීමට එරෙහිව යාපනේ විරෝධයක්

යාපනය විශ්වවිද්‍යාල සිසුන් හා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් අද 02 යාපනේ විශ්වවිද්‍යාලය ඉදිරි පිටින් විරෝධතාවක් ආරම්භ කරන ලදී. එහිදී විරෝධතාකරුවන් තෙලිප්පලේ මන්ස්න්දිය දක්වා පැමිණ තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.

එහිදී විරෝධතා කරුවන් පවසා සිටියේ තම නිජභූමිය තුල තම ජනතාවගේ ඉඩම් ආරක්ෂක අංශ වෙත ලබා දෙන බැවින් බැවින් ඊට එරෙහිව මෙම විරෝධය සංවිධානය කල බවයි.

එහිදී විරෝධතාකරුවන් තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යලය වටලා විරෝධතාවයේ නිරත වූ අතර සිය ඉල්ලීම් සහිත ලිපියක් ප්‍රාදේශීය ලේකම් වරයා වෙත භාර දෙන ලදී.

මෙම විරෝධතාවයට දේශපාලන නියෝජිතයින් සිවිල් සංවිධාන හා විශ්වවිද්‍යාල සිසුන් අතුළු පිරිසක් සහභාගිවිය