spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආමි අමිල STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කණ්ඩායමක් විසින් තංගල්ල පොලිස් වසමේ දී සිදුකරන ලද වැටලීමක දී හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවු. 41 ක් වන පුද්ගලයකු දංකැටිය, තංගල්ල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තවද මෙම පුද්ගලයා 2004 වර්ෂයේ දී වීරකැටියෙ සුනිල් නැමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2004 වර්ෂයේ දී වීරකැටියෙ ධර්මේ නැමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2005 වර්ෂයේ දී රදම්පල ගජනායක නැමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2015 වර්ෂයේ දී පල්ලිකුඩා උක්කුං නැමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, මීට අමතරව මෙම සැකකරු විසින් කොල්ලකෑම් සහ පහරදීම් සිදුකර ඇති බවටද මෙම සැකකරු දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවකු වන කළු සාගර නැමැත්තාගේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සඳහා සෘජු සම්බන්ධතා පවත්වන බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?