ආපදා සහන සහ අධීක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් චීනය පිරිනැමූ මුදල් මහා භාණ්ඩාගාරයට

2024 වර්ෂයේ ජනවාරි මස 01 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද රුපියල් මිලියන 30ක පමණ මූල්‍යමය ප්‍රදානය භාණ්ඩාගාරය වෙත යොමු කර තිබෙනවා.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් ජනතාවගේ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එම මුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය වෙත මුදාහැර ඇති බව සඳහන්.

එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන, ආපදාවලින් හානියට පත් වූවන් වෙනුවෙන් වෙන් කිරීමට සිදු වූයේ 2024 අයවැය ඇස්තමේන්තුව මඟින් ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර නොතිබීම හේතුවෙන්.

එමෙන්ම මහජන චීන සමූහාණ්ඩුවෙන් හදිසි මානුෂීය ආධාර වැඩසටහන යටතේ තවදුරටත් ලැබීමට ඇති යුවාන් මිලියන 10ක ද්‍රව්‍යමය ආධාර සහ භාණ්ඩ, ලද වහාම විධිමත් පරිදි ගිණුම්ගත කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නියමිතයි.

ඊට අමතරව හානි වූ නිවාස හා දේපළ සඳහා වන්දි ගෙවීම ද නිවාස ඉදිකිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු ද ආපදා සහන සහ අධීක්ෂණ ව්‍යාපෘතිය මඟින් කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04