ආපදා සහන බෙදන්න යන පිරිස් වෙත පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ආපදාවට ලක්වූ ප්‍රදේශවලට මාර්ග පිළිසකර කරමින් පවතින අවස්ථාවල විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යන්ට බාධාවක්ව ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසනවා.

එම සහන කණ්ඩායම් සිදුකරන මෙහෙවරට ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවය සහ ස්තූතිය පුදකර සිටින බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පැවසුවේ ඇතැම් දිස්ත්‍රික්කවල මාර්ග අලුත්වැඩියා කටයුතු සිදුකරන ප්‍රදේශවලට විශාල වාහන ප්‍රමාණයක් පැමිණීම එම කටයුතුවලට බාධාවක් බවයි.

ඇතැම් යතුරුපැදිකරුවන් පැමිණ ආපදාවට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කරමින් එම ස්ථාන වීඩියෝ ගත කිරීම හේතුවෙන් අදාළ ස්ථානවල රාජකාරී සිදුකරන පිරිස්වලට එට බාධාවක් වී ඇති බවයි ඔහු පැවසුවේ.

එවැනි ක්‍රියා එලෙස නිරීක්ෂණය කරමින් වීඩියෝ ගතකරන පුද්ගලයින්ට ද අන්තරාදායක තත්ත්වයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව එම සහන කණ්ඩායම් අදාළ දිස්ත්‍රික්ක වල දිසාපතිවරුන්, එම ප්‍රදේශ භාර කොට්ඨාස භාර ස්ථානාධිපතිවරු සම්බන්ධ කරගනිමින් අදාළ සහන කටයුතු සිදුකරන ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම ආපදා මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වී අදාළ සහන ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම්දෙන ලෙස සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ පිළිබඳව තොරතුරු පහත දුරකථන අංක අමතා දැනගැනීමට හැකි බවයි පැවසුවේ.

පොලිස් විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක

071- 859 58 84
071- 859 58 83
071- 859 58 82
071- 859 58 81
071- 859 58 80

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36