spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආධුනික කොස්තාපල් නිවසකට පහර දී තග දාලා (වීඩියෝ)

ජා-ඇල පොලිස් ස්ථානයට අනුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් අද (08) උදෑසන ඉංගිරිය ප්‍රදේශයේ නිවෙසකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉංගිරිය පොලිසිය පවසනවා.

මෙසේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ, ඇළබඩ පාර ඉංගිරිය, ප්‍රදේශයේ නිවසකටයි.

කොස්තාපල්වරයා විසින් එම නිවසේ දොර ජනෙල් කඩා අලාබ හානි සිදු කර තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී ඉංගිරිය ප්‍රදේශයට සාදයකට සහභාගි වී පැමිණි කොස්තාපල්වරයා අද (08) අලුයම 01.00 පමණ අදාල නිවසට අලාභ හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වන විට නිවසේ සිට ඇත්තේ නිවෙස් හිමිකරුගේ මව සහ බිරිඳත් සිඟිති දියණියත් පමණක් බවත්, දියණිය කම්පනයෙන් සිටින බවත් පොලිසිය පවසනවා.

නිවසට පහර දීමෙන් අනතුරුව එම නිවස ඉදිරිපිටදීම ඉංගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබා පොලිසියට ද ඔහු තර්ජනය කර ඇති බව ඉංගිරිය පොලිසිය සඳහන් කළා.

නිවසට පහර දීමෙන් මෙම ආධුනික කොස්තාපල්වරයාට ද තුවාල සිදු වී ඇති අතර අද (08) උදෑසන ඉංගිරිය පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ඉංගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

image 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?