ආධුනික කොස්තාපල් නිවසකට පහර දී තග දාලා (වීඩියෝ)

ජා-ඇල පොලිස් ස්ථානයට අනුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් අද (08) උදෑසන ඉංගිරිය ප්‍රදේශයේ නිවෙසකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉංගිරිය පොලිසිය පවසනවා.

මෙසේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ, ඇළබඩ පාර ඉංගිරිය, ප්‍රදේශයේ නිවසකටයි.

කොස්තාපල්වරයා විසින් එම නිවසේ දොර ජනෙල් කඩා අලාබ හානි සිදු කර තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී ඉංගිරිය ප්‍රදේශයට සාදයකට සහභාගි වී පැමිණි කොස්තාපල්වරයා අද (08) අලුයම 01.00 පමණ අදාල නිවසට අලාභ හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වන විට නිවසේ සිට ඇත්තේ නිවෙස් හිමිකරුගේ මව සහ බිරිඳත් සිඟිති දියණියත් පමණක් බවත්, දියණිය කම්පනයෙන් සිටින බවත් පොලිසිය පවසනවා.

නිවසට පහර දීමෙන් අනතුරුව එම නිවස ඉදිරිපිටදීම ඉංගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබා පොලිසියට ද ඔහු තර්ජනය කර ඇති බව ඉංගිරිය පොලිසිය සඳහන් කළා.

නිවසට පහර දීමෙන් මෙම ආධුනික කොස්තාපල්වරයාට ද තුවාල සිදු වී ඇති අතර අද (08) උදෑසන ඉංගිරිය පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ඉංගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

image 9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32