ආදරය නිසා 60 පෙම්වතිය සහ 32 බිරිඳ එකම දවසේ අවසන් ගමන් ගිය සෝචනීය පුවත

වයස අවුරුදු 40ක පුද්ගලයෙකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවක් සහ අදාළ පුද්ගලයාගේ බිරිඳ එකම දිනක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගැනීමට උත්සහ කළ පුවතක් කළුබෝවිල රෝහලෙන් වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙලෙස සියදිවි හානිකරගැනීමට ගත් උත්සහයේදී 60 හැවිරිදි වියේ පසුවූ අදාළ පුද්ගලයා අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිය නිවසේදී ගෙලවැළලාගැනීමට උත්සාහ කළ එම පුද්ගලයාගේ 32 හැවිරිදි වියේ පසුවන බිරිඳ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

මෙම කාන්තාවන් දෙදෙනාම පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

මීට වසර 15කට පමණ පෙර මියගොස් ඇති 60 හැවිරිදි කාන්තාවගේ සැමියා මියගොස් තිබේ.

ඉන් අනතුරුව එම කාන්තාව එකළ 25 හැවිරිදි වියේ පසුවූ මේ වනවිට 40 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ කාන්තාව විසින් ඇයගේ සියළුම දේපළ අදාළ පුද්ගලයාගේ නමට ලියා දී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මීට දින කිහිපයකට ඉහතදී අදාළ කාන්තාවට තොරතුරක් ලැබී ඇත්තේ අදාළ පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේ තරුණියක් සමඟ හොර රහසේ විවාහ වී ඇති බවටය.

ඒ අනුව මෙම කාන්තාව විසින් අදාළ නිවසට ගොස් ඇත.

එහිදී සිය අනියම් පෙම්වතා පිළිබඳව සියලු තොරතුරු අනාවරණය කරගැනීමෙන් අනතුරුව නැවත සිය නිවසට පැමිණ තිබේ.

ඉන් අනතුරුව නිවසේ සිටි මෙහෙකාරිය නිවසින් පිටතට යවා සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත.

ඇයගේ මළ සිරුර ආසන්නයේ තමන් වසර ගණනාවක් ආදරය කළ 40 හැවිරිදි පුද්ගලයා අමතා ලියන ලද පිටු ගණනාවකින් සමන්විත ලිපියක් ද හමුවූ බව හදිසි මරණ පරීක්ෂකවරයා පැවසීය.

අදාළ කාන්තාව නිවසට පැමිණීමත් සමඟ එම පුද්ගලයාගේ බිරිඳද, තමන් විවාහ වී ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වන අයෙකු බවට අනාවරණය වීම හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබේ.

කෙසේ වෙතත් අදාළ කාන්තාව කඩිනමින් රෝහල්ගතකිරීම හේතුවෙන් දිවි බේරාගැනීමට සමත්ව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34