ආණ්ඩුව මහ මැතිවරණයකට සූදානම්

ජනාධිපතිවරණයක් හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂය සඳහන් කරන බවත් කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයකට සූදානම් බවත් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

2022 අය වැය දෙවන වර කිය වීම පිළිබඳ 7 වැනි දිනටත් අද (22දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුව ගනු ලබන තීරණ වැරදි නම් ජනතාවගේ යහපත උදෙසා ආපසු හැරවීමට ආණ්ඩුව කටයුතු කරන බවද ඔහු පැවැසීය.

“අද විපක්ෂනායකතුමා යෝජනා කරනවා සංචාරක කර්මාන්තයෙන් තමයි මේ රටට මුදල් ගේන්න ඕන කියලා. සංචාරක කර්මාන්තය වෙනුවෙන් ප්‍රවේශයක් ගත්තම මෙතුමන්ලා මොකක්ද කිව්වේ. මේක මේ පරීක්ෂණාගාරයක් කරන්න එපා කිව්වා.

රුසියාවෙන්, යුක්රෙනයෙන් සංචාරකයෝ ගෙනල්ලා සංචාරක කර්මාන්තය ආරම්භ කරන්න හදනකොට ඒකටත් පහර පිට පහර ගැහුවා. ආයෝජකයෝ ගෙනත් නිව් ෆෝට්‍රස් වෙන්න පුලුවන්, නැගෙනහිර පර්යන්තය වෙන්න පුලුවන්, බටහිර පර්යන්තය‌ වෙන්න පුලුවන් ආයෝජකයෝ ගෙනාවම පන්න පන්න ගහන්න පටන් ගත්තා.

වරාය නගරය ගැන වැරදි මතයක් හැදුවා. අපට හොදම ආදායම් මාර්ග බවට පත්වෙලා තිබුණු ගුවන් තොටුපලයල්, වරයාවල් වල ලැබෙන්න තිබුණු ආදායම තමුන්නාන්සේලා අවහිර කළා. එදා හම්බන්තොට වරයා අවුරුදු 99කට  දෙකකට මේ රටේ ආදායම් උත්පාදනය කරන ආර්ථික මර්මස්තාන එදා වෙන්දේසි කළා. එදා මත්තල ගුවන්තොටුපල වී ගබඩාවක් කළා.

අපිට යම්කිසි තීරණයක් ගන්න තිබෙනවා නම් ඒ තීරණය ජනතාව වෙනුවෙන් නම් තීරණය ආපස්සට හැරවීමට වුනත් මේ රජය කිසිදු වෙලාවක පසුබට වෙන්නේ නෑ. ජනාධිපතිතුමා අවශ්‍ය තීරණ අවශ්‍ය වෙලාවට ගනියි. මේ අයවැය තුලින් සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන ආකාරයෙන් මුදල් වෙන් කරලා තිබෙනවා.

මෙතුමන්ලා කියනවා ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න, ජනාධිපතිවරණය තියන්න කියලා. අපි පාර්ලිමේන්තු මැතිවරණයක් තියමු. අපි ඒකට සූදානම්. අවුරුදු දෙකහමාරක් ගියාට පස්සේ මේ පාර්ලිමේන්තුව විසුරවන්න පුලුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා ඉස්සරහට අපි පාර්ලිමේන්තු මැතිවරණයකට යමු.”

  1. සම්පූර්ණ ඇත්ත මූ නම් කිව්වෙ . හොරෙක් උනත් . මුන්ගෙත් පවුලම හොරු . 1971 කාලෙ ජේ වී පී එකෙ අහින්සක තරුනයන් පාවාදීපු එකෙක් මූගෙ තාත්තා. කොල්ලො රවටල අන්තිමට පක්ශෙත් පාව දීල තම සුඛ විරහනය පතා වෙනත් පක්ශයකට මුක්කු ගහල ඌ හෙදුන; එහෙත් දේව ශාපය ඌට වෙදුන .අද ඌට කතා කර ගන්න බෙහෙ ; එද කරපු පාහර වෙඩ නිසා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21