ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පොලිස්පති ව ඉවත් කළ ද; ජනපතිගෙන් පැයක් තුළ සේවා දිගුවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (CC) විසින් ඊයේ දිනයේ දී පැය 24ක් ඇතුළත පොලිස්පති ධුරයෙන් ඉවත් කළ වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ව යළිත් එම ධුරයෙහි පැයක් ඇතුළත පිහිටුවා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පිහිටුවීම සිදු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් යම් යම් අර්බුදකාරී තත්ත්වයන් ඇති ව තිබෙන පසුබිමකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් පොලිස්පතිවරයාගේ සති තුනක සේවා දිගුව අවසන් වීම හේතුවෙන් ඉවත් කිරීම සිදු කර ඇත්තේ.

නමුත් මෙම ඉවත් කිරීම ජනාධිපතිවරයා හෝ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෝ රට තුළ මේ මොහොතේ නැති පසුබිමක සිදු කිරීම පිළිබඳ ව මේ වනවිට අවධානය යොමු ව තිබෙනවා.

මේ දිනවල චීනයේ සිව්දින නිල සංචාරයකට එක් ව සිටින ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඒකමතික තීරණය කරමින් සී.ඩී.වික්‍රමරත්න ඉවත් කිරීමේ තීරණය යළි ආපස්සට ගනිමින්, චීනයේ සිට ම තවත් සති තුනක කාලයකට සේවා දිගුවක් පොලිස්පතිවරයා වෙත හිමිගන්වා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50