ආණමඩුව මහමෙව්නා භාවනා අසපුවේ පැවති ඉල් පොහෝදා ‘දසත බෝපත’ පෝදා වැඩසටහන සාර්ථකව අවසන් (වීඩියෝ)

සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

මෛත්‍රී බෝධි සත්ත්වයන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරණයෙහි යෙදවීම, තුන් බෑ ජටිලයින් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම, මහා සංඝයා වහන්සේ පසුවස් පවාරණය සිදුකිරීම සහ කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහොය දිනය ආදී සිදුවීම් රැසක් හේතුවෙන් ඉල් පුරපසළොස්වක පොහෝ දිනය බෞද්ධයන්ට වැදගත් වනවා.

මේ අතර ඉල් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් දසත මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන ‘දසත බෝපත’ පෝදා වැඩසටහන ආණමඩුව මහමෙව්නා භාවනා අසපුව කේන්ද්‍ර කරගනිමින් අද දවස පුරා පැවැත් වුණා.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අති ගෞරවනීය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ වූ ‘දසත බෝපත’ පෝදා වැඩසටහන අද උදෑසන 6.00ට ආරම්භ වුණේ උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින්.

එහිදී උපාසක උපාසිකාවන් සිල් සමාදන් කරවීම සහ උදෑසන සම්බුද්ධ පූජාව සිදුකරනු ලැබුවේ පූජ්‍ය ඉබ්බාගමුවේ කරුණාබෝධි ස්වාමීන් වහන්සේ විසින්.

මේ අතර ආණමඩුව මහමෙව්නා භාවනා අසපුවට ධාතූන් වහන්සේලා, අලංකාර පෙරහැරකින් වැඩමකරවීම අද පෙරවරුවේ සිදුකෙරුණා.

එලෙස වැඩමකර වූ ධාතූන් වහන්සේලා ධර්ම ශාලාවේ තැන්පත් කිරිමෙන් අනතුරුව උදෑසන ධර්ම දේශනය ආරම්භ වුණා.

ඉල් පුරපසළොස්වක පොහෝදා ‘දසත බෝපත’ පෝදා වැඩසටහනේ උදෑසන ධර්ම දේශනය සිදුකරනු ලැබුවේ පූජ්‍ය කොච්චිකඩේ සීවලී ස්වාමීන් වහන්සේ විසින්.

අනතුරුව දහවල සම්බුද්ධ පූජාව පැවැත්වුණු අතර, පූජ්‍ය අලවත්තේගම අමිතදස්සන ස්වාමීන් වහන්සේ විසින් දහවල් සම්බුද්ධ පූජාව සිදුකළා.

අනතුරුව දහවල් ධර්ම සජ්ඣායනාව පූජ්‍ය ඉබ්බාගමුවේ කරුණාබෝධී ස්වාමින් වහන්සේ විසින් සිදුකළ අතර, ඉල් පොහෝදා
සවස ධර්ම දේශනය සිදුකරනු ලැබුවේ පූජ්‍ය මතුරට නිමලධජ ස්වාමීන් වහන්සේ විසින්.

ඉල් පොහෝදා ‘දසත බෝපත’ ධර්ම සාකච්ඡාව ආරම්භ වුණේ පස්වරු 3.30 ටයි.

මෙවර ‘දසත බෝපත’ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව බවට පත් වුණේ “පිදිය යුත්තන් පුදමු” යන්නයි.

මෙම විශේෂ ධර්ම සාකච්ඡාව සඳහා එක්වුණේ පූජ්‍ය යටිබේරියේ සෝමඥාණ ස්වාමින් වහන්සේ සහ ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතායි.

ආණමඩුව මහමෙව්නා භාවනා අසපුව කේන්ද්‍ර කරගනිමින් අද දවස පුරා පැවති ‘දසත බෝපත’ පෝදා වැඩසටහනේ අවසන් පිංකම බවට පත් වුණේ සියල්ලන්ට ආශීර්වාද පතා සිදුකළ සවස බුද්ධ වන්දනාවයි.

පූජ්‍ය අලවත්තේගම අමිතදස්සන ස්වාමින් වහන්සේ විසින් සවස බුද්ධ වන්දනා සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
අපි බලය බෙදාගත්තොත් නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නෑ
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12
Video thumbnail
ක්‍රිකට්වලට මිලියන 47කට වඩා ඉතා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා..වෝහාරික විගණනයක් කරනවා
03:34
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44