ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරී දින තුනකට නවතී

පළාත් පාලන ආයතන මැතිවරණය හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ලබන 05, 06 සහ 07 දිනවල සිදුනොකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අදාළ දිනයන්වල දී එක්දින සේවාව ද ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සේවාවන් ද 06 සහ 07 යන දින දෙක තුළ ක්‍රියාත්මක නොවන බව දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්