අහ්මදාබාද් ගුවන් අනතුරේ කළු පෙට්ටි සුරක්ෂිතව දිල්ලි රසායනාගාර වෙත – ඉන්දීය රජය

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් හි දී ජුනි 12 වැනි දින බීජේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක් මතට කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI171 දරණ ගුවන් යානයේ කළු පෙට්ටිය විකේතන ක්‍රියාවලිය හා විශ්ලේෂණය සඳහා පූර්ණ ආරක්ෂාව සහිත නවදිල්ලිය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ IAF ගුවන් යානා මගින් එම කළු පෙට්ටිය රැගෙන ඒම සිදු කර ඇති බවයි.

කළු පෙට්ටි දත්ත විශ්ලේෂණය කිරීම ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) ආරම්භ කර ඇති බව ද ඉන්දීය රජය අද (26) නිවේදනය කර තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රොටෝකෝලයන්ට අනුකූලව දියත් කරන ලද විධිමත් පරීක්ෂණයක කොටසක් ලෙස, කොක්පිට් හඬ පටිගත කිරීමේ යන්ත්‍රය (CVR) සහ පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය (FDR) යන දෙකම අහමදාබාද් අනතුර සිදු වූ ස්ථානයෙන් සොයා ගැනුණේ ජුනි මස 13 හා 16 යන දෙදිනයන් තුළදීයි.

ඉන් එක් දත්ත ගබඩාවක් අනතුර සිදු වූ ස්ථානයේ වහලයක් මත හා අනෙක සුන්බුන් අතරේ තිබී සොයා ගැනුණා.

ඉන්දීය රජය ප්‍රකාශ කළේ උපාංග (CVR සහ FDR) ජුනි 24 වන දින ඉන්දියානු ගුවන් හමුදාවේ (IAF) ගුවන් යානා මගින් දිල්ලියට ගෙන යාමට පෙර පැය 24 පුරාම පොලිස් ආරක්ෂාව සහ CCTV නිරීක්ෂණය යටතේ සුරක්ෂිත කර තිබූ බවයි.

විශේෂ නිවේදනයක් කරමින් සඳහන් කර ඇත්තේ;

“…කළු පෙට්ටි ජුනි 24 වන දින පූර්ණ ආරක්ෂාව සහිතව IAF ගුවන් යානා මගින් අහමදාබාද් සිට දිල්ලියට ගෙන ආවා. ඉදිරිපස කළු පෙට්ටිය 2025 ජුනි 24 වන දින පස්වරු 02ට AAIB හි අධ්‍යක්ෂ ජනරාල් (DG) සමඟ දිල්ලියේ AAIB රසායනාගාරයට පැමිණියේය,”යනුවෙන්.

“පසුපස කළු පෙට්ටිය දෙවන AAIB කණ්ඩායමක් විසින් ගෙන එන ලද අතර ජුනි 24 වන දින සවස 05 පසුවී මිනිත්තු 15ට දිල්ලියේ AAIB රසායනාගාරයට ළඟා විය,” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන්.

එදිනම සවස දිල්ලියේ AAIB රසායනාගාරයේ දී දත්ත නිස්සාරණය ආරම්භ වූ බවත් මතක මොඩියුලයට ප්‍රවේශ වූ බවත් ඉන්දීය රජය තහවුරු කර තිබෙනවා.

කළු පෙට්ටිය විමර්ශනය කරන කණ්ඩායම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පිහිටුවන ලද අතර එය මෙහෙයවනු ලබන්නේ AAIB අධ්‍යක්ෂ ජනරාල්වරයා, AAIB හි තාක්ෂණික විශේෂඥයින්, එක්සත් ජනපද NTSB, ගුවන් වෛද්‍ය විශේෂඥයෙකු සහ ගුවන් ගමනාගමන පාලන (ATC) නිලධාරියෙකු විසින්.

එ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) නීතිරීතිවලට අනුවයි.

ඊයේ වන විට ගුවන් යානයේ CVR හි මතක මොඩියුලයෙන් දත්ත සාර්ථකව ලබාගෙන ඇති බව ද වාර්තා වනවා.

CVR සහ FDR දත්ත විශ්ලේෂණය දැනට සිදුවෙමින් පවතින බවත්, අනතුරට තුඩු දෙන සිදුවීම් අනුපිළිවෙළ ප්‍රතිනිර්මාණය කිරීම සහ ගුවන් ආරක්ෂාව වැඩි දියුණු කිරීම, අනාගත සිදුවීම් වැළැක්වීම සඳහා දායක වන සාධක හඳුනා ගැනීම මෙම උත්සාහයන් අරමුණු කරන බව ද ඉන්දීය රජය නිවේදනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39