අසාර්ථක වූ ධනංජය වෙනුවට කමිඳු මෙන්ඩිස් නැවතත් සංචිතයට ?

2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විටත් නිල වශයෙන් නම් කර නොමැති අතර සංචිතයන් ප්‍රකාශ කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දී තිබූ කාල සීමාව අදින් (31) අවසන් වනවා.

කෙසේ වෙතත් මේ දිනවන පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලිය සඳහා පසුගිය දා නම් කරන ලද 16 දෙනෙකුන් සමන්විත සංචිතය පිළිබද මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර විශේෂ කතාබහක් නිර්මාණය වුණා.

ඒ, තරගාවලිය සඳහා වන සංචිතය නම් කිරීමට දින කිහිපයකට පෙර සිදු කළ දැනුම්දීම් අනුව කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලට පැමිණ සිටි සහ පැමිණෙමින් සිටි ක්‍රීඩකයින් තිදෙනක් නැවත් සිය නිවෙස්වලට හරවා යැවූ බවට පුවතක් වාර්තා වීමත් සමඟයි.

එලෙස හරවා යැවූ ක්‍රීඩකයින් අතර දුශාන් හේමන්ත, කමිඳු මෙන්ඩිස් සහ ට්‍රැවීන් මැතීව් සිටි බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් එලෙස සංචිතයට ඇතුළත් කළ ධනංජය සිල්වා ඊයේ (30) එංගලන්තය සමඟ පැවති තරගයේ පන්දු 12කට මුහුණ දෙමින් රැස් කර ගත්තේ ලකුණු 11ක් පමණයි.

මේ අතර ධනංජය සිල්වා ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කොට ඒ වෙනුවට කමිඳු මෙන්ඩිස් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර ගැනීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් ප්‍රකශ කර නැතත් අද දිනය තුළ මෙම සන්චිතය් නම් කිරීමට නියමිතයි.

  1. දනංජය සිල්වා විතරක් නේවේ මහේෂ තික්ෂනත් සංචිතයේන් ඉවත් කරන්න ඔන මුන්දෙන්නම වැඩක් නැ😢😢😢



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14