අසාමාන්‍ය පෙන්ගුයින් මරණ ළඟ එන අනතුරක පෙර නිමිත්තක් ද?

ඇන්ටාක්ටික් මහාද්වීපයේ ප්‍රදේශයේ පෙන්ගුයින් පැටවුන් අසාමාන්‍ය ආකාරයෙන් මරණයට පත්වීමක් නිරීක්ෂණය වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

කුඩා පෙන්ගුයින් පක්ෂීන් 10,000ක් පමණ මේ වන විට මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මුහුදේ පිහිනීමට අවශ්‍ය ජල ආරක්ෂිත පිහාටු සම්පූර්ණයෙන්ම වර්ධනය වීමට පෙර පැටවුන් ඇති දැඩි කරන ලද අයිස් තට්ටු කැඩී යාම හමුවේ එම සත්වයින් බොහෝ විට දියේ ගිලී මිය යාමට ඉඩ ඇති බවට පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා.

මෙම අයිස් තට්ටු කැඩී යාම 2022 වසර අගභාගයේදී, ඇන්ටාක්ටික් මහාද්වීපයේ බටහිර දෙසින්, Bellingshausen මුහුදට ඉදිරියෙන් පිහිටි ප්‍රදේශයක සිදු වී ඇති අතර එය චන්ද්‍රිකා ඡායාරූපවලද පටිගත වී ඇතැයි සඳහන්.

බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ ආචාර්ය පීටර් ෆ්‍රෙට්වෙල් පැවසුවේ මෙම මරණ ඉදිරියේදී සිදුවීමට ඇති සිදුවීමක පෙර නිමිත්තක් විය හැකි බවයි.

ඇන්ටාක්ටික් මහාද්වීපයේ මුහුදු අයිස් නිරන්තරයෙන් උණුසුම් වන ගෝලීය තත්වයන් හමුවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ජනපදවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම සියවස අවසන් වන විට වඳ වී යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

“අධිරාජයන් තම අභිජනන චක්‍රය සඳහා මුහුදු-අයිස් මත රඳා පවතී; එය ඔවුන් තම පැටවුන් ඇති දැඩි කිරීමට භාවිතා කරන ස්ථාවර වේදිකාවයි. නමුත් එම අයිස් තිබිය යුතු තරම් පුළුල් නොවන්නේ නම් හෝ වේගයෙන් කැඩී ගියහොත්, මෙම පක්ෂීන් පත්වන්නේ කරදරයකටයි. බලාපොරොත්තුවක් ඇත: අපට උණුසුම් වීමට හේතු වන අපගේ කාබන් විමෝචනය කපා හැරිය හැක. එසේ නොකළහොත් අපි මෙම සංකේතාත්මක, ලස්සන කුරුල්ලන් වඳවීමේ අද්දරට තල්ලු කරනු ඇත.” යනුවෙන් ආචාර්ය පීටර් ෆ්‍රෙට්වෙල් ප්‍රකාශ කළා.

දකුණු අර්ධගෝලයේ ශීත ඍතුව ළං වන විට වැඩිහිටි පක්ෂීන් මාර්තු මාසයේදී මුහුදු අයිස් මතට ගමන් කරන අතර ඔවුන් බිත්තර දමමින් පැටවුන් බිහි කරනු ලබනවා. පසුව ඊළඟ මාසවලදී ඔවුන්ගේ පැටවුන් පෝෂණය කරනු ලබන්නේ එම පැටවුන්ට ලෝකය තුළ තනිව ජිවත් වීමට හැකියාව පැමිණෙන තෙක්.

මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ දෙසැම්බර්, ජනවාරි කාලය තුළ නව කුරුල්ලන් සාගරයට යන අවස්ථාවේදී යි.

නමුත් දහස් ගණන් පැටවුන්ට පිහිනීමට අවශ්‍ය සිනිඳු පිහාටු ලැබීමට පෙර නොවැම්බර් මාසයේදී මුහුදු අයිස් ඛණ්ඩනය වන ආකාරය පර්යේෂණ කණ්ඩායම නිරීක්ෂණය කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ජනපද හතරක් සම්පූර්ණ අභිජනනය අසාර්ථක වූ අතර රොත්ස්චයිල්ඩ් දූපතේ උතුරු දෙසින් පිහිටි ස්ථානය පමණක් යම් සාර්ථකත්වයක් ලබා ඇතැයි සඳහන්.

එපමණක්ද නොව, මෑත මාසවලදී අයිස් තට්ටු සෑදීම මන්දගාමී වීම හමුවේ අවම වශයෙන් තවත් වසරක්වත් පෙන්ගුයින් පැටවුන් බිහි නොකරනු ඇති බවයි නිරීක්ෂකයන්ගේ අදහස වන්නේ.

මෙම තත්වය මත පෘථිවියේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ ලැයිස්තු තබා ගන්නා සංවිධානය වන සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් අධිරාජ්‍යය පෙන්ගුයින් “තර්ජනයට ආසන්න” ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
10
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28