අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම මාර්තු 15 වනදායින් අවසන්

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් අවසන් වන අතර ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකු අස්වැසුම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් නොලබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28)දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම සාවද්‍ය තොරතුරු හරහා අස්වැසුම ප්‍රතිලාභ ලබාගත් 7000ක පමණ පිරිසක් ඉන් ඉවත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා,

අස්වැසුම මුල් අදියර සඳහා පවුල් ඒකක ලක්ෂ 34ක ප්‍රමාණයක තොරතුරු සහතික කිරීම සිදු කෙරුණා. ඒ අනුව මේ වන විට පවුල් ලක්ෂ 19ක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා. දැනට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා පදනම් කරගනිමින් සුදුසුකම් ලැබූ අය සඳහා 2024 ජූලි මාසයේ සිට ගෙවීම් කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සූදානමින් සිටිනවා.

අපට අභියාචනා සහ විරෝධතා 12,27,000ක් ලැබී තිබෙනවා. ඉන් 11,97,000ක් පමණ පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර තිබෙනවා. මෙම ප්‍රමාණයට අමතරව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභය සැබවින්ම ලැබිය යුතු පිරිසකට නොලැබී තිබෙනවා. පළමු වටයේ ඉල්ලුම් පත්‍ර කැඳවීමේ දී එම පිරිස් ඉල්ලුම් පත්‍ර ලබා නොදීම ඔවුන්ට අස්වැසුම ප්‍රතිලාභය නොලැබීමට හේතුවක් වී තිබෙනවා.

ඒ අනුව අප විසින් මාර්ගගතව සිදුකළ පුළුල් දැනුවත් කිරීමෙන් පසු දැනට අයදුම්පත් 200,000 – 250,000ත් අතර ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් ඉල්ලුම් පත්‍ර ප්‍රමාණය මාර්ගගත ක්‍රමය ඔස්සේ අපගේ මෘදුකාංගයට ඇතුළත් කිරීම මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ අනුව දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් පසු අවසන් වනවා. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකුට අස්වැසුම ප්‍රතිලාභය ලැබීමේ කිසිදු සුදුසුකමක් නැති බව ද අවධාරණය කළ යුතුයි.

එමෙන්ම අලුතින් ඉල්ලුම් කරන අයගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කිරීමෙන් පසු 2024 ජුනි මාසයේ සිට පවුල් ඒකක ලක්ෂ 24ක් දක්වා අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම වැඩි කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂය සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 205ක මුදලක් වැය කිරීමට අප බලාපොරොත්තු වනවා. එහි ප්‍රතිපාදන වෙන් කිරීම මේ වන විට සූදානම් කර අවසන් බව ද පැවසිය යුතුයි.

ඒ වගේම මෙතෙක් කළ අභියාචනා සහ විරෝධතා හේතුවෙන් අස්වැසුම ලැබූ 7000ක පමණ පිරිසක් ඉන් ඉවත් කර තිබෙනවා. ඔවුන් විසින් ප්‍රතිලාභ ලබා ගෙන ඇත්තේ සාවද්‍ය තොරතුරු ලබාදීමෙන් බවට තහවුරු වී තිබෙනවා. එවැනි පුද්ගලයන් පිළිබඳව අපට මේ විට තොරතුරු ලැබෙමින් පවතිනවා. එලෙස ඔවුන් හඳුනා.

ගැනීමෙන් පසු පනත ප්‍රකාරව නැවත ඔවුන්ගෙන් මුදල් අයකරගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද අප සූදානම් වන බව පැවසිය යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16