අස්වැසුම අහිමි වූවන් පිරිසක් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරයි

සමෘද්ධි ප්‍රතිලාභ ලබමින් සිටියදී අස්වැසුම අහිමි වූ පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ බදුල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරිනි ග්ලෝරි ෆ්‍රැන්සිස් මහත්මිය වෙත අද දින ඒ පිළිබඳ ව පැමිණිලි ඉදිරිපත් කෙරුණා.

මෙම පිරිස සමෘද්ධි සංවර්ධන බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සිට පා ගමනකින් මානව හිමිකම් කාර්යාල‍ය වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් මෙසේ අසාධාරණයට ලක් වූ පවුල් සංඛ්‍යාව 6000 ඉක්මවන බව සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ ජාතික සංගමයේ නියෝජ්‍ය සභාපති වී.පී.ඒ. මහින්දසේන මෙහිදී මාධ්‍ය වෙත පැවසුවා.

දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභ ලබමින් සිටිය දී අස්වැසුම අහිමි වූ පවුල්වලට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නීතිමය පිවරගන්නා බවත් එහි මූලික පියවරක් ලෙස බදුල්ලේ දී මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි 34 ක් ඉදිරිපත් කළ බවත් අප වාර්තාකරු සඳහන් කළා.

මෙම රාජකාරියේ දී පැනවූ වගන්ති ප්‍රශ්නයක් මුල් කරගෙන අස්වැසුම සමීක්ෂණ කටයුතුවලට සහභාගි නොවීමට සමෘද්ධි, ආර්ථික සංවර්ධන සහ ග්‍රාම නිලධාරින් තීරණය කළ අතර සාමාන්‍ය පෙළ විභාගය සමතුන් යොදා එම කාර්ය ඉටුකර ගැනීමට රජය කටයුතු කළ බව පෙන්වා දුන් මහින්දසේන මහතා ඔවුන්ගෙන් මේ රාජකාරිය නිසි ලෙස ඉටු නොවීම නිසා මේ අසාධාරණය සිදු ව ඇතැයි වැඩිදුරටත් අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32