අස්ගිරි අනු නායක ධුරයේ ශ්‍රී සන්නස් පත්‍රය ජනපති අතින් නාරම්පනාවේ නා හිමියන් වෙත පිළිගැන්වේ

අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විසින් පිළිගන්වනු ලැබුවා.

ඒ, මේ වන විට මහනුවර දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත්වෙන අභිනව අස්ගිරි අනුනාහිමි අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය මහෝත්සවයේ දීයි.