අසල්වැසියා එකම පවුලේ මව සහ දරුවන් තිදෙනාට කඩුවකින් කොටලා – එක් දරුවෙක් ජීවිතක්ෂයට

මාතලේ, රන්බිමගම ප්‍රදේශයේ දී එකම පවුලේ මව, දියණිය සහ පුතුන් දෙදෙනාට අසල්වාසියෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්බිමගම, හුණුකැටවල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු තුන හමාරක පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීමෙන් අනතුරුව බරපතල තුවාල ලබා සිටි මව, දියණිය සහ පුතුන් දෙදෙනාට මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අදාළ දරුවා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරකෑමට ලක්වූ වයස අවුරුදු 38 මව, අවුරුදු 19 දියණිය සහ අවුරුදු 15 පුතා මේ වනවිට එම රෝහලේම ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

මෙම පවුල සහ යාබද නිවසක පවුලක් අතර කලක සිට පැවති ආරවුලක් මත ඊයේ (14) මෙම අපරාධය සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ සැකකරු ඒ සඳහා යොදාගත් කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52