අසරණයින්ගේ බදු මුදලින් සුරසැප විඳ මිනිසුන්ට කොකා පාන සියඹලාපිටියලාට කන හරහා මොළයට

නියෝජ්‍ය කථානායක – හිටපු නියෝජ්‍ය කථානායක – නැවත නියෝජ්‍ය කථානායක – දැන් ආයෙත් හිටපු නියෝජ්‍ය කථානායක

ජෝකර්..
කාඩ් කුට්ටමේ කවුරුත් අඳුරන විහිළු සපයන්නා තමයි ජෝකර්.
කාඩ් කුට්ටමට සීමා වුණු මේ ජෝකර් මේ වෙද්දි පාර්ලිමේන්තුව ඇතුලෙත් ඉන්නවා කිව්වොත් ඔබ පුදුම වෙන්නේ නෑ කියලා අපි දන්නවා.
මොකද පාර්ලිමේන්තුව කියන කෝලම් මඩුව ඇතුලේ ඩෙගා නටන ඇමතිවරු කියන ජීවින් කොටස දවසින් දවස කරන්නේ මිනිස්සුන්ගේ බදු මුදලටත් පස්ස පැත්ත පෙන්වන එක.
මේකට අපූරු උදාහරණය තමයි රංජිත් සියඹලාපිටිය.
කවුරුවත් ඉල්ලා අස්වෙන්න කියන්නේ නැතිව ඔහු ඉල්ලා අස්වුණා.
සති දෙකයි..
ආයෙමත් සියඹලාපිටිය, කථානායක පුටුවේ ඉඳගත්තා.
ඒ ලක්ෂ ගාණක් මේ රටට අහිමි කරමින්.
වගකීමක් නැති, ඉල්ලා අස්වීම නිසා ඔහුව නැවතත් නියෝජ්‍ය කථානායක කරන්න එක් වරුවකට පාර්ලිමේන්තුව කොපමණ මුදලක් වැය කළාද..?
ලක්ෂ 20 ක්.. 30 ක්.. එහෙමත් නැත්නම් ලක්ෂ 40 ක්..?
මේ සල්ලි කාගෙද..?
සියඹලාපිටිය ගෙදරින් ගෙනාපු සල්ලිද..?
එහෙම නැත්නම් කවුරුත් ගෙනත් දීපු සල්ලියක්ද..?
නෑ ඒ මුදල් මේ රටේ පීඩිත පංතියේ මිනිස්සුන්ගේ දාදිය කඳුළු සහ වේදනාවල්.
ඒ වියදම් වුණු මුදල් අස්සේ අම්මලාගේ, තාත්තලගේ වේදනාවල් කොයිතරම්නම් තියෙන්න ඇතිද..?
එහෙම විහිලු සපයපු සියඹලාපිටිය දවසයි කථානායක පුටුවේ හිටියේ..
අද නැවතත් ඔහු ඉල්ලා අස්වුණා..
ගම්මන්පිල, විමල් වීරවංශ දයාසිරි ජයසේකර සහ අනෙකුත් ස්වාධීන මන්ත්‍රීවරු මාධ්‍ය හමු පවත්වමින් මොනවද කිව්වේ..?
මේවා ඩීල් කිව්වා.. රාජපක්ෂලගේ වැඩ කිව්වා.. මොනවද මේ කතා..?
ඒවා වලංගු වුණේ දවසක් විතරයි..
කෙළින්ම කියමුකෝ.. පාර්ලිමේන්තුව ඇතුලේ නිල්, රතු, කොල මේ එක පාටක්වත් අද විශ්වාස කරන්න බෑ..
බලයෙන් උන්මාද වෙලා, කරන දෙයක්වත් නොතේරෙන තැනට අද අන්ධ වෙලා.
කොහොම වුණත් සයඹලාපිටිය මහත්තයෝ ජනතාවගේ සල්ලි මේ විදිහට විනාශ කරන්න ඔබට බෑ..
ඔබට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ කාටවත්ම බෑ..
බුද්ධියක් තිබෙන මිනිසුනේ මේ අපේ රට බේරාගත යුතුම මොහොතක් බව සැබෑව.
මින් මතුවට මෙවැනි ඇමතිවරුන් නැවතත් පාර්ලිමේන්තුවට ගෙන එනවානම් ඔබලාද අනිවාර්යෙන්ම මානසික වෛද්‍යවරයෙකු ළඟට යායුතුබව සිහිපත් කළ යුතුය.
ඒ වගේම මොන පක්ෂය බලයට ආවත්, කවුරු පාර්ලිමේන්තුවට ගියත් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි නැතිකරන ජනාධිපති ඇතුළු ඕනෑම තනතුරක කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වෙන රටක් අපි ගොඩනැගිය යුතුම බව පසක් කරගත යුතුව ඇත..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23