spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘අසමාරා ක්වෙස්ට්’ මාගම්පුරට (ඡායාරූප)

අති සුඛෝපභෝගී මගී නෞකාවක් වන ‘අසමාරා ක්වෙස්ට්’ අද (05) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර වරාය වෙත ළඟාවුණා.

ඇමරිකානු සංචාරකයින් 600ක් රැගෙන ‘අසමාරා ක්වෙස්ට්’ නෞකාව පෙරේදා (03) කොළඹ වරායට ළඟා වූ අතර, එහි පැමිණි සංචාරකයින් මහනුවර සහ කොළඹ ස්ථාන කිහිපයක ඊයේ සංචාරවල නිරත වුණා.

අනතුරුව නෞකාව එම මගීන් ද සමඟ ඊයේ (04) රාත්‍රී 8.00ට පමණ කොළඹ වරායෙන් පිටත්ව හම්බන්තොට වරාය බලා ගමන් ආරම්භ කළා.

අද (05) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර වරාය වෙත පැමිණි නෞකාවේ සිටින සංචාරකයින් යාල ජාතික වනෝද්‍යානය සහ හම්බන්තොට සංචාරක ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?