වයස අවුරුදු 15ක සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අපහරණය කළ බව කියන සැකකරුවෙක් පොල්ගහවෙල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙනතිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යටිගල්ඔළුව,පොරමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය පසුගිය 16 වනදා රාත්‍රී 8.30 සිය අත්රුදන්ව ඇති බව දැරියගේ මව ඊයේ (17) පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
එහිදී දැරියගේ මව වැඩිදුරටත් පවසා ඇත්තේ දැරිය තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකර ඇති පොල්ගහවෙල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් ඊයේ (17) සවස සැකකාර පෙම්වතා ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරුදහන් වූ බව කියන පාසල් සිසුවිය ද සැකකරුගේ නිවසේ සිටියදී පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
පොලිස් නිලධාරීන් විසින් භාරයට ගත් පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර පෙම්වතා අද (18) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.














EYI ME PODI DARIWIYAN TA MEHEMA WELA THIYENNE. YANTHAM ATEN POTHTHEN ELIYATA ENAKOTA KOLLEK HOYAGENA UTH EKKA KARANNA ONA EWA OKKOMA KARAWAGENA 16 WENAKOTA BADAKUTH HADA GANIYI NEDHA.