අවි ජාවාරම්කරු ආපසු දී පැසිපන්දු ක්‍රීඩිකාව යළි මව් රටට ගත් ඇමරිකාව

දශයකට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියානු අවි ජාවාරම්කරුවෙකු යළි රුසියාව වෙත භාරදී රුසියානු අත්අඩංගුවේ පසු වූ ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩිකාවක් මුදාගැනීමට ඇමරිකානු රජය කටයුතු කර තිබෙනවා.

වික්ටෝර් බවුට් නැමැති රුසියානු අවි ජාවාරම්කරුව සහ බ්‍රිට්නි ග්‍රයිනර් නැමැති ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩිකාව මෙලෙස දෙරට අතර හුවමාරු වූ සිරකරුවන් බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී පෞද්ගලික සංචාරයක් සඳහා බ්‍රිට්නි ග්‍රයිනර් රුසියාවට ගිය අවස්ථාවේ දී ඇය රුසියානු පොලිසියේ අත්අඩංගුවට පත් වුණා.

ඒ, කංසා තෙල් ළඟ තබා ගැනීමේ වරද යටතේ බවයි වාර්තා වුණේ.

කංසා තෙල් රුසියාව තුළ තහනම් ද්‍රව්‍යයක් ලෙස නම්කර ඇති අතර, ඒ අනුව 32 හැවිරිදි බ්‍රිට්නි ග්‍රයිනර් නැමැති ක්‍රීඩිකාවට රුසියානු අධිකරණයක් සිරදඬුවම් නියම කළා.

රුසියානු ජාතිකයකු වන වික්ටෝර් බවුට් ලොව ප්‍රසිද්ධතම අවි ජාවාරම්කරුවෙකු ලෙසයි ප්‍රසිද්ධව ඇත්තේ.

2008 වසරේ තායිලන්තයේ බැංකොක් නුවරදී ආරක්ෂක අංශ විසින් බවුට් අත්අඩංගුවට ගැණුනු අතර, පසුව ඇමෙරිකාවට උදර්පනණය කෙරුණා.

මෙම සිරකරු හුවමාරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සිදුව ඇතිබවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම කටයුත්ත සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමද් බින් සයාද් අල් නහ්යාන් සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද මැදිහත් වී කටයුතු කළ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
30ස් දෙනෙක් එකතුවෙලා මගේ දරුවට හොඳටම ප#රදීලා - අමාරුයි කියද්දිත් රෝහලට අරගෙන ගිහින් නෑ
02:31
Video thumbnail
JVP එක ගි# තියපුව ඒවට නඩු ඇහුවනම් අද කට උත්තර නෑ - 76ක සා#පය වෙන කවුරුත් නෙවෙයි JVP එක
03:38
Video thumbnail
"කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ගියේ පුතා.. පැය එක හමාරක් ඉස්කෝලේ රඳවගෙන ඉදලා"
02:23
Video thumbnail
2029 කියනකොට මතක් වෙන්නේ නාමල් - රට වටේ කොහේ ගියත් ඇහෙන්නේ නාමල්ගේ නම
24:19
Video thumbnail
හිටපු පොලිස්පති නිසල වී ට්‍රොලියේ ගිය අයුරු - ‍‍රෝහලේ ඔබ නොදුටු දසුන් මෙන්න
02:46
Video thumbnail
සජිත්ට ජෝකර් කියලා බැනපු ලාල්කාන්ත..
01:16
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධිය ගැන හොයන්න මහේස්ත්‍රාත්වරයත් එයි - අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරයි
04:00
Video thumbnail
රට වටෙන්ම අද කොහේ ගියත් ඇහෙන්නේ නාමල්.. නාමල්.. නාමල් කියලා...
01:30
Video thumbnail
වර්තමාන පොලිස්පති මි#යගිය හිටපු පොලිස්පතිගේ නිවසට පැමිණෙයි - විමර්ශන ගැන අහද්දි පිළිතුරු නොදී යයි
01:45
Video thumbnail
28 වැනිදා වනතුරු නැවතත් හිරගෙයි ජීවිතයට දුක්බරව ගිය රඛිත සහ නළු චරිත්..
00:29