spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවි ජාවාරම්කරු ආපසු දී පැසිපන්දු ක්‍රීඩිකාව යළි මව් රටට ගත් ඇමරිකාව

දශයකට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියානු අවි ජාවාරම්කරුවෙකු යළි රුසියාව වෙත භාරදී රුසියානු අත්අඩංගුවේ පසු වූ ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩිකාවක් මුදාගැනීමට ඇමරිකානු රජය කටයුතු කර තිබෙනවා.

වික්ටෝර් බවුට් නැමැති රුසියානු අවි ජාවාරම්කරුව සහ බ්‍රිට්නි ග්‍රයිනර් නැමැති ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩිකාව මෙලෙස දෙරට අතර හුවමාරු වූ සිරකරුවන් බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී පෞද්ගලික සංචාරයක් සඳහා බ්‍රිට්නි ග්‍රයිනර් රුසියාවට ගිය අවස්ථාවේ දී ඇය රුසියානු පොලිසියේ අත්අඩංගුවට පත් වුණා.

ඒ, කංසා තෙල් ළඟ තබා ගැනීමේ වරද යටතේ බවයි වාර්තා වුණේ.

කංසා තෙල් රුසියාව තුළ තහනම් ද්‍රව්‍යයක් ලෙස නම්කර ඇති අතර, ඒ අනුව 32 හැවිරිදි බ්‍රිට්නි ග්‍රයිනර් නැමැති ක්‍රීඩිකාවට රුසියානු අධිකරණයක් සිරදඬුවම් නියම කළා.

රුසියානු ජාතිකයකු වන වික්ටෝර් බවුට් ලොව ප්‍රසිද්ධතම අවි ජාවාරම්කරුවෙකු ලෙසයි ප්‍රසිද්ධව ඇත්තේ.

2008 වසරේ තායිලන්තයේ බැංකොක් නුවරදී ආරක්ෂක අංශ විසින් බවුට් අත්අඩංගුවට ගැණුනු අතර, පසුව ඇමෙරිකාවට උදර්පනණය කෙරුණා.

මෙම සිරකරු හුවමාරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සිදුව ඇතිබවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම කටයුත්ත සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමද් බින් සයාද් අල් නහ්යාන් සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද මැදිහත් වී කටයුතු කළ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?