අවි ආයුධ සමඟ ලොකු පැටීගේ සමීපතමයෙක් අල්ලයි

ටී 56 වර්ගයේ ගිනි අවියක්, ජීව පතොරොම් සහ තවත් අවි ආයුධ කිහිපයක් සමඟ සැකකරුවෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේවන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලොකු පැටීගේ සමීපතමයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වන මා මඩල, හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබලෙක් වන අතර ඔහුව තවත් හිටපු එස්.එෆ් සෙබලෙකු විසින් ලොකු පැටීට සම්බන්ධ කර තිබෙනවා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකට හුංගම පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේ දී අනුව ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම පතොරොම් 63ක්, උණ්ඩ ගැබ් 02 ක් සහ බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි අවි 02ක්, බෝර 12 වර්ගයේ පතොරොම් 25 ක් සහ රිවොල්වර් වර්ගයේ පතොරොම් 34ක් සමඟ මෙම සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා.

ඊට අමතරව ලොකු පැටීගේ උපදෙස් මත සැකකරු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන ව්‍යාජ කුටියක් සහිත ලොරි රථයක් හා කැබ් රථයක් ද පොලිස් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිසිය පවසන්නේ මෙම අවිආයුධ ලොකුපැටී විසින් පෙරේදා (16) දිනයේදී ටිපර් රථයේ සූක්ෂ්ම ලෙස සඟවා සැකකරු වෙත එවා ඇති බවයි.

ලොරි රථය හා කැබ් රථය හුංගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, ගිනි අවි සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ පසුවන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56